අංශභාග (ආඝාතය) රෝගී තත්ත්වයක් ඇතිවෙන ප්‍රධානම හේතුව කුමක්ද?
දැනට වාර්තා වෙන අංශභාග රෝගීන්ගෙන් 85% - 90% කට පමණ මෙම රෝගී තත්ත්වය ඇති වෙන්නේ මොළයට ලේ ගෙන යන රුධිර නාළවල ලේ කැටි සිර වී ඔලුවේ ස්නායු සෛල වෙත ලේ ගෙන යාමට නොහැකි වීමෙන් එම සෛල විනාශ වීම හේතුවෙනි. අපගේ ශරීරයේ සෑම ක්‍රියාවලියක්ම පාලනය කරන්නේ මොළයේ ඇති සෛල මගින්. මෙම සෛල විනාශ වීම හේතුවෙන් අපගේ එම ක්‍රියාවලීන් අකර්මන්ය තත්ත්වයට පත්වේ. සෛල විනාශ වීමෙන් පසු නැවත ලේ සැපයීමක් කළද නැවත එම සෛල යතා පරිදි ක්‍රියාත්මක නොවීම මෙම සෛලවල ඇති විශේෂත්වයයි.
අංශභාග රෝගයේ ලක්ෂණයන් පිළිබඳව දැනුවත් කළොත්?
අංශභාග රෝගයේ මූලික රෝග ලක්ෂණයන් විදියට කට ඇදවීම, මුහුණේ හදිසි හිරිවැටීම, අත එසවීමට නොහැකි වීම, කකුලක් පණ නැති වීම, පහසුවෙන් හිටගෙන සිටින අවස්ථාවක කකුල පණ නැති වී වැටීමට යාම, කතා කිරීමේදී වචන පැටලීම ආදී රෝග ලක්ෂණයන් හඳුන්වා දීමට පුළුවන්. මෙම රෝග ලක්ෂණයන්ගෙන් එකක් හෝ කීපයක් ඇති විය හැකිය. මෙය මොළයට රුධිරය ගලා යාම ඇනහිටි අවස්ථාවේම පෙන්නුම් කරන රෝග ලක්ෂණයි.
මෙවැනි අවස්ථාවක යම් අයෙක් කළ යුතු ප්‍රධානම කාර්යය කුමක්ද?
මෙවැනි රෝග ලක්ෂණයක් පහල වූ සැනින් එම රෝගියා ඉක්මනින්ම ආඝාත රෝගී තත්ත්වයන් සඳහා එන්නත් සහ ස්ටෙන්ට් ප්‍රතිකාරයන් ඇති රෝහලක් වෙත යොමු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. මෙතැනදී කාලය කියන කාරණය ඉතා වැදගත්. මන්ද මේ රෝග ලක්ෂණයන් මතු වූ අවස්ථාවේ සිට මොළයේ සෛලයන් විනාශ වීම ආරම්භ වෙනවා. සාමාන්‍යයෙන් මොළයේ සෛලයන්ගේ විනාශ වීමේ වේගය තත්පරයට මිලියන 5ක් පමණ ලෙසයි වාර්තා වෙන්නේ. මේ නිසා මෙම රෝගී තත්ත්වයෙන් පහසුවෙන් සුව වීමට ඇත්තේ පැය 4ක් පමණ ඉතා සුළු කාලයක් පමණි.
ඒ නිසා ඔබ ඉක්මනින්ම ඉහත ප්‍රතිකාරයන් සාර්ථකව සිදුකරන රෝහලක් වෙත පළමුවෙන්ම යොමු වීම අත්‍යාවශ්‍ය වෙනවා. දැනට දේශීය වශයෙන් මෙම රෝග ප්‍රතිකාරයන් දෙකම සිදුකරගත හැකි ලංකාවේ එකම ස්ථානය කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලයි. එහි ස්ථාපනය කර ඇති ආඝාත නිවාරණ ඒකකයෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැනුමින් සහ ඉහළ තාක්ෂණික ප්‍රතිකාර ක්‍රමයන් මගින් පැය 24 පුරා සිය සේවාවන් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
මේ ප්‍රතිකාර ක්‍රමයන් දෙක පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත්?
රුධිර නාළවල එතරම් විශාල නොවූ ලේ කැටියක් හෝ ලේ කැටි කීපයක් එන්නත් ප්‍රතිකාරයන් මඟින් සාර්ථක ලෙස දියකර හැරීමේ හැකියාව පවතිනවා. නමුත් විශාල රුධිර නාළවල ලොකු ලේ කැටියකින් අවහිරතාවයක් ඇති වීමකදී එන්නතක් මාර්ගයෙන් පවා දියකර හැරීමට නොහැකි වෙනවා. මේ වගේ අවස්ථා වල ස්ටෙන්ට් එකක් යොදා මේ ලේ කැටිය ඉවත් කිරීමේ කාර්යය සිදුකරනවා. දැනට අංශභාග රෝගී තත්ත්වයන් සඳහා ලෝකයේ පවතින සාර්ථකම ප්‍රතිකාර ක්‍රමයන් ලෙස මේ ක්‍රම දෙක හඳුන්වා දීමට පුළුවන්.
ඔබ මේ ප්‍රතිකාර කාර්යයේදී කාලය ඉතා වැදගත් බව සඳහන් කළ හේතුව පැහැදිළි කලොත්?
ඇතැම් රෝගීන් ප්‍රමාද වී මේ ඒකකයට පැමිණෙනවා. නමුත් ඒ වෙනකොටත් විශාල කාලයක් ගත වී අවසන්. ප්‍රතිකාරයන් සඳහා ගතවන කාලය අවම කර ගැනීම තුළ මොළයේ විශාල සෛල ප්‍රමාණයක් ආරක්ෂා කර ගැනීමට හැකි වීම විශේෂත්වයක්. අපි මුලින්ම කරන ස්කෑන් පරීක්ෂාව සමඟ එන්නත් ප්‍රතිකාරය විනාඩි 20කින් පමණ සිදුකරනවා. දෙවන ප්‍රතිකාර ක්‍රමයෙන් ලේ කැටිය ඉවත් කිරීම සඳහා සැලකියයුතු වේලාවක් ගතවෙනවා. ආසිරි සෙන්ට්‍රල් ආඝාත ඒකකයේදී මේ ප්‍රතිකාරය පැයක් ඇතුලත සිදුකිරීමේ හැකියාව පවතින බව කිවයුතුමයි.
තුරුල් ආටිගල
සර්වාංග විශේෂඥ වෛද්‍ය