ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන ප්‍රජනන පද්ධතිය හා සම්බන්ධ පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකාව බහුලතම පිළිකාව ලෙස සැලකේ. පිළිකා නිසා ලංකාවේ සිදුවන කාන්තා මරණ අතර ගැබ්ගෙල පිළිකා නිසා සිදුවන මරණ දෙවැනි වන්නේ පියයුරු පිළිකා මරණවලට පමණි. ගැබ්ගෙල පිළිකාව හියුමන් | පැපිලෝමා වෛරසය (HUMAN PAPILOMA VIRUS) නමැති වෛරසයක් මඟින් ගැබිගෙලේ ඇතිවන ආසාදන හා රෝගාබාධ තත්වයන් නිසා හටගන්නා බව තහවුරු වී ඇත.
නාරි, පිළිකා ශෛල්‍ය වෛද්‍ය චින්තන හපුආරච්චි
හියුමන් පැපිලෝමා වෛරසය යනු එකිනෙකාට සමානකම් දක්වන වෛරස් වර්ග 100කින් පමණ සැදුම්ලත් වෛරස කාණ්ඩයකි. මෙම වෛරසය මුඛ කුහරයේ හා ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ ශ්ලේෂ්මල පටලවල ජීවත් වේ. එම වෛරසය මිනිසාගේ සම මත ජීවත් වූ පමණින් බාහිර රෝග ලක්‍ෂණ ඇති නොවේ.
ගැබ්ගෙල පිළිකාව යනු වළක්වා ගත හැකි රෝගී තත්වයකි. ලෝකයේ ගැබ්ගෙල පිළිකාවලට ප්‍රධාන වශයෙන්ම ගොදුරු ව න්නේ අවුරුදු 35-45ත් අතර වයසේ කාන්තාවන් වේ. ලෝකයේ ගැබ්ගෙල පිළිකාවලින් මිය යන කාන්තාවන් අතරින් වැඩිපුරම ප්‍රතිශතයක් පෙන්නුම් කරන්නේ දියුණු වෙමින් පවතින රටවල කාත්තාවන් ය.
හියුමන් පැපිලෝමා වෙරසය කාලයක් තිස්සේ ගැබ්ගෙලේ පවතින විට ගැබ්ගෙලේ සෙලවල විවිධ වෙනස්කම් ගණනාවක් සිදු වේ. මෙම වෙනස්කම් නිසා "CIN" (CERVICAL INTRAEPITHELIAL NEOPLASIA) වශයෙන් හඳුන්වන පූර්ව පිළිකා අවධියක් ගැබ්ගෙලේ ඇති විය හැකිය. CIN රෝග තත්වයේ මුල් අවධියේදී රෝගියාට විශේෂ රෝග ලක්‍ෂණ ඇති නොවන අතර එම රෝග තත්වය කාලයක් තිස්සේ පවතින විට එය පිළිකාවක් බවට වර්ධනය වීමට හැකියාව ඇත. මෙය කල් ඇතිව හඳුනා ගැනීම ගැබ්ගෙල පිළිකා ඇති වීමට වළක්වා ගත හැකි ක්‍රමවේදයයි.
ලිංගිකව එකතු වන විට හියුමන් පැපිලෝමා වෛරසය කාන්තාවක් සහ පිරිමියෙක් අතර හුවමාරු විය හැකියි. ගැහැනු දරුවෙකුගේ ලිංගික ක්‍රියාකාරිත්වය ආරම්භ කිරීමට පෙර හියුමන් පැපිලෝමා වෙරසය සහ ඒ නිසා ඇති වන රෝගී තත්ව ගැබිගෙලේ ඇති නොවේ.
HIV රෝගීන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වන අතර එය ගැබ්ගෙල පිළිකා අවදානම වැඩි කිරිමට බලපායි.
ඊට අමතරව දුම් පානය, පහළ සමාජීය හා ආර්ථික පසුබිම්වල ස්ත්‍රීන්ගේ ලිංගික පද්ධතියේ සනීපාරක්ෂාව අඩු වීම. ගැබ්ගෙල පිළිකා අවදානම වැඩි කිරීමට හේතු සාධක වේ.
ශ්‍රී ලාංකීය කාන්තාවන් අතර සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී ඇති මෙම ගැබ්ගෙල පිළිකාව අවම කර ගැනීම සඳහා ලිංගිකව එකතු නොවූ කාන්තාවන් HPV එන්නත ලබා ගැනීම, අවුරුදු 35 ට වැඩි සෑම කාන්තාවක්ම අවුරුදු පහෙන් පහට PAP පරීක්‍ෂණය සිදු කර ගැනීම මඟින් පූර්ව පිළිකා අවධි හඳුනා ගැනීම, දුම් පානය නතර කිරීම සහ හොඳ සනීපාරක්‍ෂක පුරුදු මඟින් ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය සම්බන්ධ සම පිරිසුදුව තබා ගැනීම යන පියවර අනුගමනය කිරීම අපගේ වෛද්‍ය නිර්දේශය වේ.
නිරංජලා කෞශල්‍ය
ආසිරි මෙඩිකල් රෝහල
Tel: +94 11 452 3300
E-mail: info@asiri.lk