තිනෙති නානායක්කාර
සතුටින් නිරෝගීව ජීවත් වෙන්න නම් අපේ කායික, මානසික සුවතාව අඛණ්ඩව ඉතා හොඳ මට්ටමකින් පවත්වාගෙන යා යුතුයි. නැතිනම් කායික හා මානසික දෙ අංශයේම සමතුලිතතාව බිඳ වැටීමෙන් අපගේ ජීවිතයට අහිතකර බලපෑම් එල්ල වීම නොවැලැක්විය හැකි වෙයි.
"පෝෂණය" අපට වැදගත් වන්නේ එකී අවස්ථාවන් වලදීයි. ඒ පිලිබඳව ඔබව දැනුම්වත් කරලීම සඳහා අප සමඟ සම්බන්ධ වුණා ආසිරි සර්ජිකල් හොස්පිටල්ස් හි ජ්‍යෙෂ්ඨ පෝෂණවේදිනී අමල් ෆිරෝස් (RD SLMC Reg 008) මහත්මිය. ඇය සමඟ කළ සාකච්චාවක් ඇසුරින් මෙම ලිපිය සැකසී ඇත.
නිරෝගිමත් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා නිසි පෝෂණය අත්‍යාවශ්‍ය කරුණකි. අප ශරීරයට පෝෂණය ලැබෙනුයේ අපි ලබා ගන්නා ආහාරපාන මඟිනි. එනම් Diet එක මඟිනි. අප ලබාගන්නා ආහාරපාන යනු අපගේ ජීවිත රටාවෙහි කොටසකි. අප ලබා ගන්න ආහාරපාන නිර්ණය වනුයේ අපගේ රුචි අරුචිය අනිවාර්ය අධ්‍යාපන මට්ටම, ආර්ථික තත්වය, ආහාර වල මිල මෙන්ම ආගමික හා සංස්කෘතික හේතු සාධක වේ.
පෝෂණීය අහාර රටාවක් නිර්ණය වන්නේ ආහාර ගන්නා කාල වෙලාව,1ආහාර වල ප්‍රමාණය හා එහි ගුණාත්මකභාවයයි. ඉහත සාධක අනුව අපගේ සෞඛ්‍යවත් බව තීරණය වේ. විශේෂයෙන් බෝ නොවන රෝග වන දියවැඩියාව, හෘද රෝග, අධික රුධිරගත කොලෙස්ටරෝල්, රුධිර පීඩනය මෙන්ම පිළිකා රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමට බලපාන ප්රධාන හේතු සාධකයක් වනුයේ අප ලබා ගන්නා ආහාරපාන වේ.
එමෙන්ම වර්තමානයේ ප්රධාන ගැටලුකාරී තත්ත්වයන් වන අධි බර / ස්ථුලතාව ර්ජුවම නිවැරදි පෝෂණයට බලපායි.
එමනිසා ඉහත සඳහන් නිදන්ගත රෝග වළක්වා ගැනීමට හා රෝග පාලනයට අපට තිබෙන එකම විසඳුම ලෙස ආහාරපාන යොදා ගන්නට පුළුවන.
ඕනෑම රෝගයකට විසඳුම වනුයේ සමතුලිත ආහාර වේලක් ලබා ගැනීමයි. සමතුලිත ආහාර වේලක් පිලිබඳ සලකා බැලීමේදී එම ආහාර වේල ලබා ගන්න කාලය බොහෝ වැදගත් වේ. බොහෝ දුරට අප හුරු වී ඇත්තේ අහාර නිසි වෙලාවේදී ලබා නොගෙන පසු කිරීම හෝ මඟ හැරීමයි. එය බොහෝ විට සිදුවනුයේ උදේ ආහාර වෙලටයි. උදේ අහාර වේල ප්රමාද වීමෙන් හෝ මඟ හැරීමෙන් වන්නේ ඉතිරි කාලය තුළ අනවශ්‍ය ප්‍රමාණයට හා ශරීරයට හිතකර නැති ආහාර ලබා ගැනීම සඳහා යොමු වීමයි. එයින් සිදු වන්නේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය වෙනස් වී බර වැඩි වීම ඇතුළු අනෙකුත් සංකූලතා ඇති වීම ආරම්භ වීමයි. අධි බර හෝ ස්ථුලතාව නිර්ණය වන්නේ ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් BMI අගය අනුවයි. දකුණු ආසියාතිකයන්ගේ සාමාන්ය BMI අගය හඳුන්වන්නේ 18.5kgm (-2) - 23.5ක්ග්ම්(-2) අතර ප්‍රමාණයයි. එලෙස BMI අගය සාමාන්ය වුවද අප රටේ මිනිසුන්ට ඇති තවත් ගැටලුවක් වනුයේ උදරය ඉදිරියට නෙරා ඒම, සාමාන්යයෙන් පිරිමි කෙනෙකුගේ ඉණ වට ප්‍රමාණය අඟල් 40ට අඩු විය යුතු අතර, ගැහැණු කෙනෙකුගේ අඟල් 36ට වඩා අඩු විය යුතුයි. එලෙස ඉණ වට ප්‍රමාණය ඉහළ යාම අනෙකුත් බෝ නොවන රෝග වැළඳීමට තිබෙන හැකියාව ඉතාම ඉහළ ප්රවණතාවක් ගනී. එමනිසා බර පාලනය සමඟ ඉණෙහි වට ප්‍රමාණය පාලනය කිරීමේදී ආහාර රටාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. මෙහිදී ආහාර ලබා ගන්න කාලය සමඟ ඉහත සඳහන් කළ පරිදි ආහාර ප්‍රමාණය වැදගත් වේ. අපට දිනකට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය / ලබා ගන්න ප්‍රමාණය අපගේ ස්ත්‍රී / පුරුෂභාවය අනුව, වයස අනුව, දවසේ භෞතික ක්‍රියාකාරීත්වය හා දැනට පවතින බර අනුව වෙනස් වේ.
ඒ නිසා හැමෝටම එකම ආකාරයේ ආහාර සැලසුමක් (Diet Plan) ගැළපෙන්නේ නම් නෑ . ඉතින් ඔබ අවධානය යොමු කළ යුතයි ඔබගේ ජීවිත චර්යා රටා සමඟ ඔබටම අනන්ය වූ ආහාර සැලසුමක් සකසා ගැනීමටයි. ඒ සඳහා සුදුසුකම් ලත් වෘත්තීය පෝෂණවේදියෙක් හමු වීම ඉතාම හොඳයි.