නිරංජලා කෞශල්‍යා
උත්පත්තියෙන් අඩුවක් නොමැතිව ඔබට ලැබී ඇති ස්වරූපය පිළිබද ඔබ කෙතරම් නම් ආඩම්බර වෙනවා ද? ඒ වගේම ඔබට ලැබී ඇති ස්වරූපයේ යම්කිසි අඩුවක් තිබුණහොත් ඔබ ඒ හා සමානව දුක්වනු නිසැකයි. නමුත් මෑත කාලයක සිට ස්වාභාවික ස්වරූපයේ පවතින අඩුපාඩුවක් වඩාත් අලංකාරව ඉස්මතු වන සේ බාහිර පෙනුම සකස් කිරීම සඳහා අවශ්‍යතාවයක් ඇති වූ විටෙක කෙනෙකුට නිතැතින්ම මතක් වනුයේ ප්ලාස්ටික් සැත්කම් එසේත් නොමැති නම් Cosmetic Surgery ය.
වෛද්‍යතුමනි, අපි ප්‍රථමයෙන්ම සඳහන් කරමු කොස්මැටික් සැත්කමක් යනු කුමක්ද යන්න පිළිබඳව?
කොස්මැටික් සැත්කම් එසේත් නොමැති නම් ජනවහරේ බොහෝ සෙයින් භාවිතා වන ප්ලාස්ටික් සැත්කම ප්ලාස්ටික් යොදානොගෙන කරනු ලබන ශල්‍යකර්මයක් බව ප්‍රථමයෙන් කිව යුතුයි. "ප්ලාස්ටිකස් (Plastikus)" යන ග්‍රීක වචනය අනුව ප්ලාස්ටික් යනුවෙන් සඳහන් කළත් මෙහි සැබෑ අරුත වන්නේ පුද්ගලයකුගේ ස්වරූපය හා ක්‍රියාකාරිත්වය ගොඩනගන ශල්‍ය විද්‍යාව යන්නයි. මෙය ශල්‍ය විද්‍යාවේම කොටසකි. මෙහි දී සිදුවන්නේ ශරීරයේ පටක අඩු තැනකට පටක ගෙනැවිත් බද්ධ කිරීමකි.
ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ කථාබහ කිරිමේ දී මෙහි පරාසය ඉතාම විශාලයි. අතක් වෙන්වීම. ඇඟිලිවල අස්ථි බිඳීම, අතේ ඇතිවන
ගෙඩි, පිළිස්සුම් තුවාල, ආතරයිටිස් තත්ත්ව නිසා සිදුකරන සැත්කම්, අත් පිහිටීමේ දුර්වලතා සැකසීමේ සැත්කම් Hand Surgery ගණයට අයත් වේ. විශේෂයෙන්ම දරුවෙකු බිහි කිරීමට යාමේ දී ස්නායු වලට සිදුවන හානි වලදීත් මෙම සැත්කම් සිදුකරයි. පිළිකාමය තත්ව වල දී සහ අනතුරක දී හිසේ සිට පාදාන්තය දක්වා සිදුවන හානි වීම් වලදී පටක හා අස්ථි නැවත සැකසීම Reconstructive Surgery ලෙස හැඳින්වේ. එමෙන්ම රූපලාවන්‍ය කටයුතු වලදීත් ප්ලාස්ටික් සැත්කම් සිදුකරන ලබන අතර, ශරිරයේ බර අවම කිරීම Bariactirc Surgery ගණයට අයත් වේ.
පුද්ගලයෙකු මෙම සැක්කමට යොමු වන්නේ නම් ඔහුට හෝ ඇයට ඇති වාසි සහ අවාසි මොනවාද?
Cosmetic Surgery එකකට මුහුණ දෙන කෙනෙකුට ඇති ප්‍රධානතම වාසිය වන්නේ තමන් පිළිබඳ විශ්වාසය ඇති කිරීමයි. එනම්, සමහර පිරිසක් පසුතැවෙනවා තමන්ට ලැබී ඇති බාහිර ස්වරූපය පිළිබඳව. ඒ නිසාම ඔවුන්ට සමාජයට මුහුණ දීමට නොහැකිව මුළු ගැන්වෙන බවක් තමන් තුළම ඇතිවේ. මෙම සැත්කමට මුහුණ දීම තුළින් එයින් මිදී සමාජයට විශ්වාසයකින් මුහුණ දිමේ හැකියාව එම පුද්ගලයාට හිමි වේ. තවද කුඩා දරුවෙකු පවා දුටු සැණින් බියවන විකෘති ස්වරූපයක් ඇති පුද්ගලයෙකුට විකෘති තත්වයෙන් මිදීමේ හැකියාව ඇත. එමෙන්ම අවයවයන් හි නිවැරදි ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය ඇති කරවයි.
මේ අනුව මෙම සැත්කමේ ඇති අවාසි පිළිබඳ විමසුවහොත් ප්ලාස්ටික් සැත්කම් වියදම් සහිත අංශයක්. ඒ වගේම සෑම සැත්කමක්ම 100% ක්ම සාර්ථක වන බව පැවසීම අසීරුයි. යම් විටක සැත්කම කිරීමෙන් අනතුරුව අපට අවශ්‍යම ප්‍රතිඵලය නොලැබී යාමට ඉඩ ඇත. නමුත් මෙම සැත්කම්වල ස්වාභාවය අනුව සැත්කමේ ප්‍රතිඵලය වෙනස් වීමට හැකියාව ඇත.
සමහර පුද්ගලයන්ට සාර්ථකත්වයක් නොලැබීමට ඇති හේතු මොනවාද?
එසේ වීමට හේතු ගණනාවක්ම හඳුනාගෙන ඇත. වෛද්‍යවරයා පුද්ගලයාට අවශ්‍ය දේ නොකර වැරදි ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරිම, සැත්කම කරන වෛද්‍යවරයාට හැකියාව සහ පළපුරුද්ද නොමැති වීම, විශේෂයෙන්ම තමා වෙත පැමිණෙන පුද්ගලයාට ශල්‍යකර්ම සඳහා අවදානම් ගෙනදෙන වෙනත් රෝගාබාධ තත්ත්ව ඇතිදැයි විමසා නොබලා සැත්කම කිරිමෙන් ජීවිත හානි පවා ඇති විය හැකිය. ඒ වගේම අද බොහොමයක් රූපලාවන්‍යාගාරවල පවා Cosmetic Surgery යැයි පවසා අනෙකුත් සැත්කම් පවා සිදුකරන අවස්ථා ඇති අතර, එවැනි ස්ථානවල ප්‍රමිතිය නොමැති වීම හේතුවෙන් ගැටලුකාරි තත්වයන් ඇති විය හැකිය.
මෙම සැත්කම් සිදුකිරිමේ දී පුද්ගලයකු දැනුවත් විය යුතු කරුණු මානවාද?
ඔබ කිසියම් ආකාරයකින් මෙවන් ප්‍රතිකර්මයක් වෙත යොමු වන්නට අදහස් කරන්නේ නම් ඔබේ ප්ලාස්ටික් සැත්කම සිදුකරන ශල්‍ය වෛද්‍යවරයා හමු වී ඔබේ තත්වය පළමුව සාකච්ජා කිරීම වැදගත් ය. ඇතැම් විට එම තත්ත්වය ඔබේ රූපයට හානියක් නොවිය හැකිවා මෙන්ම අවලස්සනක් ද නොවිය හැකිය. එවැනි කරුණු ඔබේ වෛද්‍යවරයා හා එක්ව තීරණය කර ඔබ දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය වැනි රෝගී තත්වයකින් පෙළෙන්නේ නම් ඔබේ රෝග තත්වය පාලනය කරගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න. සැත්කම සිදුකිරීමට යන තැනැත්තාට ඇති සුදුසුකම් හා ස්ථානයේ පවතින පහසුකම් පිළිබඳව සහ යොදා ගන්නා අමුද්‍රව්‍යවල ප්‍රමිතිය පිළිබඳව සැකහැර දැනගන්න. සිදුකරන සැත්කමෙන් පසුව සැත්කම සිදුකළ ස්ථානයේ ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් වන්න.
ආසිරි සෙන්ට්‍රල් රෝහලෙන් මෙම සැත්කම් සඳහා ලබා දෙන්නේ කුමන ආකාරයේ සහයෝගයක් ද?
JCI අනුමැතිය ලබා ඇති ආසිරි සෙන්ට්‍රල් රෝහල් Cosmetic Surgery සිදුකරන සෑම වෛද්‍යවරයෙකුම ඉතාමත් ඉහළ ප්‍රවීණත්වයකින් යුතු සහ අවශ්‍ය සියලු සුදුසුකම් ලත් වෛද්‍යවරු කණ්ඩායමකින් යුක්තයි. විවිධ අංශයන් සඳහා ප්‍රවීණත්වය ඇති වෛදවරු මෙහි සිටීම හේතුවෙන් පුද්ගලයෙකුගේ වගකීම හා ලැබෙන සේවයත් ඉතා ඉහළයි. මෙහි දී එන්නත් හෝ ලේසර් කිරණ මඟින් කරනු ලබන සැත්කම් මෙම අංශය තුළදිම සිදුකරනු ලබන අතර, ශල්‍යකර්ම වලට භාජනය කර සැත්කම් සිදුකළ යුතු පුද්ගලයන්ට දින නියම කිරීමෙන් අනතුරුව ගුණාත්මක මෙන්ම ප්‍රමිතියෙන් යුතු සේවාවක් ඔවුන්ට ලබා දෙනු ඇත.
කවින්ද රාජපක්ෂ විශේඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය