Asiri Blog

පියයුරු පිළිකාවන් පහසුවෙන් හඳුනා ගන්න

පාලිත් අබේලාල්

වර්තමානයේ ගැළපෙන අයුරින් නවීනත්වයෙන් යුතු කාර්යක්ෂම ප්‍රතිකාර ක්‍රම රැසක් ක්‍රියාත්මක කරනු ලබන නාරාහෙන්පිට ආසිරි සර්ජිකල් රෝහලේ කාන්තාවන්ට බහුල වශයෙන් වැළඳෙන පියයුරු පිළිකා තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා ලොව නවීන තාක්ෂණයෙන් යුතු මැමෝග්‍රැෆි යන්ත්‍රයක් සිය සේවාවන් සඳහා ස්ථාපනය කරන ලදී. මෙම යන්ත්‍රයේ සුවිශේෂී කාර්ය භාරය සහ මෙම පිළිකා රෝගී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අප සමඟ එක්වූයේ විකිරණ අංශ ප්‍රධානී විශේෂඥවේදී විකිරණ වෛද්‍ය පී. එස්. එච්. හෙට්ටිආරච්චි මහත්මියයි.

අද වන විට සමාජයේ පියයුරු පිළිකා තත්ත්වයන් වර්ධනය වී තිබෙනවා නේද?
ඔව්. අපිට ඒ වගේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මේකට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ වර්තමානයේ තාක්ෂණික දියුණුව හේතුවෙන් මෙම පිළිකා තත්ත්වයන් පහසුවෙන් හඳුනා ගැනීමට සමත් වී තිබීමයි. මීට අමතරව වර්තමානයේ අත්දකින්නට ඇති ඉතා භයානක ප්‍රවණතාව නම් තරුණ වයසේ පසුවන තරුණියන් හටද මේ පිළිකා තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ඇති වීමයි.

මේ තත්ත්වයෙන් වැළකීම සඳහා අනුගමනය කළ යුත්තේ කුමක්ද?
විශේෂයෙන්ම වයස අවුරුදු 40 ඉක්ම වූ සියලුම කාන්තාවන් පියයුරු පිළිකා සඳහා වන මැමෝග්‍රැෆි පරීක්ෂණය අනිවාර්යෙන්ම සිදු කරගත යුතු වෙනවා. මේ පරීක්ෂණය වෛද්‍ය අනුමැතියකින් තොරව රෝගීන්ගේ ඉල්ලීම මත සිදුකරගත හැකි වීම විශේෂත්වයක්. මීට අමතරව තරුණියන් සඳහා පියයුරු පිළිකාව පිළිබඳ සැකයක් ඇත්නම් ඒ අය පළමුවෙන්ම අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනර් පරීක්ෂණයක් සිදු කරගෙන ඉන්පසු වෛද්‍ය නිර්දේශයන් මත මැමෝග්‍රැෆි පරීක්ෂණයන් සඳහා යොමු වීම වැදගත් වෙනවා.

පියයුරු පිළිකා නිවාරණය සඳහා ඔබ ඒකකයේ ස්ථාපනය කරනු ලැබූ නව මැමෝග්‍රැෆි යන්ත්‍රය පිළිබඳව සඳහන් කළොත්,
කාන්තාවන් අතර බෙහෙවින් වියාප්තව පවතින මෙම රෝගී තත්ත්වය වළකාලීම සඳහා ආසිරි සර්ජිකල් රෝහලේ විකිරණ ප්‍රතිකාර ඒකකය මඟින් ලොව නවීනතම තාක්ෂණයෙන් යුතු ඩිජිටල් මැමෝග්‍රැෆි යන්ත්‍රයක් රෝග ප්‍රතිකාරයන් සඳහා යොදවා තිබෙන්නේ. මෙම යන්ත්‍රය මඟින් සම්පූර්ණ පියයුරේ ද්විමාන සහ ත්‍රිමාන රූපයන් තිරය මතට ලබා දෙන අතර, මෙම රූපය විශාල කිරීම, රූපයේ පැහැයන් වෙනස් කිරීම තුළින් ඉතා හොඳින් රෝගී තත්ත්වයන් වෛද්‍යවරුන් හට පරීක්ෂණය කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙහිදී පරීක්ෂණ වාර්තා සැකසීම X - Ray ඡායාපිටපත් මත සිදු නොකර, අධි විභේදනයකින් (High Resolution) යුතු පරිගණනක තිරයක් මත සිදු කිරීමත් මෙහිදී ඉතා වැදගත් කාර්යයක්.

මෙයට අමතරව මිලි මීටර් 1 කොටස් වශයෙන් සම්පූර්ණ පියයුරම ස්කෑන් වීම හේතුවෙන් සමස්ත රූපයම මිලි මීටර් 1 කොටස් වලට වෙන් කර ඉතා හොඳින් අභයන්තරය පරීක්ෂා කිරීමේ හැකියාව ලැබෙනවා. මෙමඟින් රෝග පිළිබඳ ඉතා සියුම් දත්තයන් පවා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මීට අමතරව මෙම පරීක්ෂණ යන්ත්‍රයේ ඇති සුවිශේෂී වැදගත්කම තමයි පියයුරු පිළිකාවක් ආරම්භක අවධියේම හඳුනාගැනීමේ හැකියාව පැවතීමයි.