Asiri Blog

පියයුරු පිළිකා මුල් අවස්ථාවේදී නිට්ටාවටම සුව කළ හැකියි

තිනෙති නානයක්කාර

පියයුරු කියන්නේ කාන්තාවන්ගේ රූ සපුව ඔප් නංවන ප්‍රධාන ඉන්ද්‍රියක්. ඒ වගේම ස්වාභාවධර්මයෙන් කාන්තාවට පියයුරු හිමි කර දී තිබෙන්නේ සිය දරුවන් කිරි වලින් පෝෂණය කරලීමටයි. විශේෂයෙන්ම පියයුරු කාන්තාවන්ගේ සමස්ත ජීවිත කාලය පුරාම එකම ආකාරයකට පවතින්නක් නොවේ. කුඩා කල සිට තරුණ විය තෙක් වර්ධනයේ දී, ගර්භණී කාල සීමාවේ දී, දරුවන්ට කිරි දෙන කාල සීමාවේදී මෙන්ම ආර්තවහරණයේ දීත් පියයුරු විවිධ වෙනස්කම් වලට භාජනය වෙනවා. එම නිසා සාමානය වෙනස්කම් වලින් එපිටට ගොස් විවිධ වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කර සිටීමෙන් පියයුරු පිළිකා වලින් වැළකී සිටීමට ඔබට මහඟු උපකාරයක් වෙයි. ඒ පිළිබඳව ඔබව දැනුවත් කරලීම සඳහා අප සමඟ සම්බන්ධ වුණා ආසිරි සෙන්ට්‍රල් රෝහලෙහි ශල්‍ය වෛද්‍ය විශේෂඥ හිමරු විරිතමුල්ල මහතා.

පියයුරු වලට බහුතරයක් ලෙස වැළදෙන්නේ පිළිකා නොවන රෝගී තත්ත්වයි. එහි දී වර්ධනයේ වෙනස්කම්, අමතර පියයුරු කිහිලි ආශ්‍රිතව ඇති වීම, හෝමෝන තත්ත්වය වෙනස් වීම මත ඇතිවන ගැටිති හෝ ශ්‍රාවයන්, සැරව ගෙඩි, කිරි නාල ආශ්‍රිත මස් දලු ආදී තත්ත්වයන් ඉතාම බහුලයි. මේවා පියයුරු පිළිකා වලට සම්බන්ධ නැහැ. නමුත් ඔබ අවධානය යොමු කළ යුතු ප්‍රධානතම දේ තමයි, ශරීරය තුළ පියයුරු පිළිකාවක් වැඩෙන්නේත් මේ හා අතිසමාන වූ ලක්ෂණ වලිනුයි. ප්‍රධාන වශයෙන් පියයුරේ හැඩය වෙනස් වීමක්, ගැටිත්තක්, ශ්‍රාවයක් හෝ තන පුඩුව ඇතුළට ගිලා බැස්මක්, වණයක් වගේ තත්ත්වයන් සාමානය රෝග තත්ත්වයක් ලෙසත්, පිළිකා තත්ත්වයක් ලෙසත් දෙකටම පොදු තත්ත්වයන් ලෙස අවබෝධ කර ගැනීමට සිදු වෙනවා.

ලංකාවේ බහුලතම පිළිකා වර්ගය පියයුරු පිළිකාවයි. එක්සත් රාජධානියේ සංඛයා ලේඛන වලට අනුව එරට කාන්තාවන් 9 දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ එක් වරක් හෝ පියයුරු පිළිකා වැළඳී ඇති බව අනාවරණය වී තිබෙනවා.

නමුත් එය සොයා ගැනීමට නවීනතම ක්‍රමවේද වර්තමාන ලෝකයේ භාවිතා වන අතර ලංකාවෙත් එම පහසුකම් ජාතික මට්ටමින් නැතත් සුළු වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එම ක්‍රියාවලිය හඳුන්වනේ පියයුරු තිර පරීක්ෂණ පියයුරු තිරය මත පිරික්සුම යනුවෙනුයි. ලංකාවේ මේ වන විට වසරකට 4500කට ආසන්න කාන්තාවන් ප්‍රමාණයක් පියයුරු පිළිකාවන්ට ගොදුරු වී තිබෙන අතර ඉන් වසරකට 1500ක මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. පියයුරු පිළිකා බහුතරයකට වැළඳෙන තත්ත්වයක් වුණත් නරකම තත්ත්වයට වැටෙන පිළිකා වර්ගයක් නොවේ. එය සුව කළ හැකි පිළිකා වර්ගයක්. ඒ සඳහා එය මුල් අවස්ථාවේ දීම හඳුනා ගත යුතුයි. එසේ කළ විට ප්‍රතිලාභ බොහොමයක් හිමි වෙනවා. ප්‍රථමයෙන් එය නිට්ටාවටම සුව කර ගන්න පුළුවන් වෙනවා. දෙවනුව පියයුරු ඉවත් කිරීම දක්වා වූ තත්ත්වයට නොගොස් සුව කර ගන්න පුළුවන්. එම නිසා පියයුරු පිළිකා මරණ වළක්වා ගත හැකි වෙනවා.

මේ තත්ත්වයන් තමන්ට වැළඳී ඇත්දැයි කාන්තාවන් නිරන්තරයෙන් අවධානයෙන් හා සංවේදීතාවෙන් සිටිය යුතුයි. කැඩපතක් ඉදිරියට ගොස් පියයුරු වල හැඩය හා සමමිතික බව, පියයුර ගිලී තිබෙනවා ද, නෙරා තිබෙනවා ද, තන පුඩුවේ හැඩයේ වෙනසක් හෝ ශ්‍රාවයක් තිබෙනවාද යන්න ආදී ලක්ෂණ පරීක්ෂා කළ යුතුයි. ඉන්පසු උඩුබැලි අතට ඇඳේ හාන්සි වී එක් අතක් ඔලුවට යටින් තබාගෙන එම පැත්තේ පියයුර අනිත් අතින් අල්ලා බලා පරීක්ෂා කළ යුතුයි. පියයුරු පසු තලය මතට පිහිටීමෙන් නිවැරදි පරීක්ෂාවක් කළ හැකි වන්නේ එවිටයි. සති දෙකකට වරක්වත් මෙම පරීක්ෂාවන් සිදු කර ගැනීම යෝගයයි. එහි දී පියයුරු උඩු පැත්ත, පියයුරු යටි පැත්ත, කිහිළි ආශ්‍රිත පියයුරු පැත්ත හා කිහිල්ල හොඳින් ස්පර්ශ කර පරීක්ෂා කළ යුතුයි.

පියයුරු පිළිකා වැළඳීම සඳහා බලපාන ප්‍රධාන හේතු සාධක කිහිපයක්ම තිබෙනවා. ඒ අනුව කාන්තාවන්ගේ වයස අවුරුදු 40 ඉක්ම වීම, අඩු වයසින් වැඩිවියට පත් වීම, සාඵල‍යතාව මඳ බව, විවාහයෙන් පසු පළමු දරුවා ලැබීමේ දී වයස වැඩි වී තිබීම, දරුවන්ට කිරි නොදීම හා කිරි දීම අඩු කිරීම, හෝමෝන ආශ්‍රිත උපන් පාලන ක්‍රම වැඩි කාලයක් භාවිතා කිරීම, හෝමෝන ප්‍රතිකාර ගැනීම, ආරය හා එක් වරක් පිළිකා වැළඳී තිබීම ආදී හේතූන් කාන්තාවන්ට පිළිකා තත්ත්වයන් ඇති වීම සඳහා බලපානවා. නමුත් ආරයෙන් පිළිකා ඇති වීමේ සම්භාවිතාව 5% ක් වන අතර 95% කට පිළිකා තත්ත්වයන් හට ගන්නේ අලුතෙනි. මධයසාර භාවිතය, දුම්පානය සහ ස්ථූලතාව හේතු වෙනවා.

පියයුරු පිළිකා සම්බන්ධයෙන් ඇති මෙකී තත්ත්වයන්ට සුදුසුම හා නිවැරදිම ප්‍රතිකාර ලබා දීමේ අරමුණින් තමයි ආසිරි රෝහල් ජාලයේ අපි Asiri Breast Care Centre පිහිටුවා තිබෙන්නේ. එය පියයුරු පිළිකා වලට අමතරව, එකම වහලක් යට දී සියලුම පියයුරු ආශ්‍රිත රෝග හා ආබාධයන්ටත්, (පිළිකා නොවන පිළිකා) පියයුරු වල හැඩය පිළිබඳ ගැටලු වලටත් සාර්ථක විසදුම් හා ප්‍රතිකාර ලබා දෙනවා. ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් අන්තර්ගතයි. ඒ අනුව ශලය වෛද්‍යවරු, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු, විකිරණ වෛද්‍යවරු, පටක විදයා වෛද්‍යවරු, පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු හා මනෝ වෛද්‍යවරුන්ගෙන් සමන්විත සුදුසුකම්ලත් හා අත්දැකීම් වලින් පරිපූර්ණ වෘත්තීමය වෛද්‍යවරු රැසක් දායක වෙනවා. මෙහි සේවාවන් කාන්තා ඔබ සඳහා ම දැන් විවෘතයි.


වයස අවුරුදු 40ට වැඩි සෑම කාන්තාවකටම පියයුරු පිළිකා අවදානම ඇති බව ඔබ දන්නවා ද?
අවුරුද්දකට පිළිකා ආසාදිතයින් 4000 ක් පමණ සොයාගන්නා අතර පියයුරු පිළිකා රෝග ලක්ෂණ කලින් හඳුනාගැනීමෙන් පිළිකා නිට්ටාවට සුවකර ගැනීමට, පියයුරු ඉවත්කිරීම මඟහරවා ගැනීමට ද හැකි වේ.

ආසිරි පියයුරු සත්කාර මධයස්ථානය රු.5,000/- ක සුවිශේෂී දීමනාවකට පියයුරු සඳහා පූර්ණ මැමෝග්‍රෑම් පරීක්ෂාවක් සිදුකරනු ලබන්නේ එම අවදානම වළක්වා ගැනීම සඳහාමය.
මෙම දීමනාව 2018 ජූනි දක්වා පමණයි.

නොමිලේ සායනික තොරතුරු:
සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම සවස 4:00 සිට සෙනසුරාදා දිනවල දහවල් 12:00 සිට
අපට කියන්න - +94 764 987 111