Asiri Blog

රසායනාගාර පරීක්ෂණ සඳහා උදය කාලය වඩාත් සුදුසු වන්නේ ඇයි?

වෛද්‍යතුමියනි, රසායනාගාර පරීක්ෂණයක් කර ගැනීම සඳහා යොමු වීමකදී වෙහෙස නොවී, නිරාහාරව පැමිණිය යුතුයි කියන්නේ ඇයි?

සාමාන්‍යයෙන් රසායනාගාර පරීක්ෂණයක් නැතහොත් Lab Test එකක් කර ගැනීම සඳහා වඩාත්ම සුදුසු උදය කාලයයි. රාත්‍රී නින්දත් සමඟ ශරීරයේ අභ්‍යන්තර රසායනික ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදුවන අතර, එය පරීක්ෂණ සඳහා යෝග්‍ය දිවා කාලයේදී, ව්‍යායාම කිරීමේදී, ආහාර ගැනීමේදී හෝ විවිධ මානසික පීඩනකාරී අවස්ථාවලදී ශරීරයේ වෙනස්කම් සිදුවෙනවා. උදාහරණයක් විදියට ආහාර ගැනීමේදී ශරීරයේ සීනි ප්‍රමාණය ඉහළ යාමත්, ශරීරය වෙහෙස වීමකදී සීනි ප්‍රමාණය පහළ යාමත් සිදුවෙනවා. මේ නිසා අපට එවැනි තත්ත්වයන්වලදී සිරුරේ නිවැරදි සීනි ප්‍රමාණය මැනීමේ හැකියාව නොලැබී යනවා.

බොහෝ රෝගීන් පරීක්ෂණයට පෙර දින කිහිපයක සිට තමන්ගේ ආහාර හා ආහාර රටාව, ජීවන රටාව වෙනස් කර පරීක්ෂණ ප්‍රතිපලයේ සාමාන්‍ය අගයක් ගැනීමට උත්සාහ කරනවා. මෙයින් පරීක්ෂණ වාර්තාවේ අගය නිරෝගී පුද්ගලයෙකුගේ අගයක් පෙන්නුම් කළද, රෝගියාගේ රෝගයට ඉන් සාර්ථක ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැහැ. ඇත්තටම මෙයින් රැවටීමකට ලක්වෙන්නේ රෝගීන්මයි. මොකද මෙම රෝග වාර්තාව අනුව තමයි රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොමු වන්නේ. සාර්ථකව ප්‍රතිකාර කිරීමට නම් රෝගය, රෝගියාගේ ස්වභාවය හොඳින් අවබෝධ කරගෙන තිබීම අත්‍යවශ්‍ය වෙනවා.


පරික්‍ෂණයෙන් පරික්ෂණයට සිටිය යුතු කාලයේ වෙනස්කම් තියෙනවාද?

සාමාන්‍යයෙන් රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය නිර්ණය කිරීම සඳහා පැය 8ක 10 ක කාලයක් නිරාහාරව සිටිය යුතුයි. කොලෙස්ටරෝල් පරීක්‍ෂණයක් සඳහා නම් පැය 10ක 12ක විතර කාලයක් නිරාහාරව සිටීමට අවශ්‍ය වෙනවා. මේ කාලය වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට වෙනස් විය හැකියි. ඒ කෙසේ වුවත් එය අවසන් ප්‍රතිඵලය සඳහා එතරම් බලපෑමක් කරන්නේ නෑ. කෙසේ නමුත් ආසිරි රෝහල් රසායනාගාරවල පරීක්‍ෂණයන් කර ගැනීමට කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නම් ඔහුට රසායනාගාර සෘජු ඇමැතුම් අංකයට දුරකතන ඇමැතුමක් ලබා දී තමන්ගේ පරීක්‍ෂණය සඳහා පෙර සූදානම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතිනවා.

වෛද්‍යතුමියනි, රසායනාගාර වාර්තාවක අවසන් ප්‍රතිඵලය වෙනස් වීමට බලපාන හේතු තියෙනවාද? ඒ මොනවාද?

ලංකාවේ පමණක් නොවේ, ලෝකය පුරාම කරන ලද සමීක්‍ෂණවලට අනුව සාම්පල් ඒකරාශී කර පරීක්‍ෂණ මධ්‍යස්ථාන සඳහා රැගෙන එන අවස්ථාව තෙක් ඇතිවන වැරදි තත්වයන් නිසා 70% ක බලපෑමක් සිදුවීමේ හැකියාව තිබෙන බව වාර්තා වෙනවා. රසායනාගාර තුළදී සිදුවන ක්‍රියාවලියේදී අවසන් ප්‍රතිඵලයට කරන බලපෑම ඉතාම අඩු තත්වයක තමයි පවතින්නේ. මේ තත්වය ඇති වීමට පරික්‍ෂණ පිළිබඳව රෝගියා සතුව ඇති අනවබෝධය, නිවැරදි උපදෙස් අනුගමනය නොකිරීම, සමහර සාම්පල ලබා ගැනීමට රෝගියාට පැවැරීමකදී එය සාර්ථකව සිදු නොවීම, ආදිය සඳහන් කළ හැකියි. රසායනාගාරයක් විදියට අපි මේ ආකාරයෙන් සිදුවීමට ඇති සියලුම වැරදි සියල්ල මගහරවා ගැනීම සඳහා සාම්පල් ලබා ගැනීම හා රසායනාගාර තෙක් රැගෙන ඒම අන්තර්ජාතික ක්‍රමවේදයන් සහ විශේෂ තාක්‍ෂණික ක්‍රමවේදයන් රැසක් අනුගමනය කිරීම මෙන්ම රෝගීන් දැනුවත් කිරීම අපේ විශේෂත්වයක් වෙනවා.

ආසිරි රසායනාගාරයේ ඇති විශේෂත්වය පිළිබඳව සඳහන් කළොත්?

දැනට ලෝකයේ රසායනාගාර වාර්තාවන් ලබා ගැනීම සඳහා වන පරීක්‍ෂණවලදී භාවිතා කරන ලොව ඉහළම තාක්‍ෂණයන්ගෙන් යුත් පරීක්‍ෂණ යන්ත්‍ර තමයි ආසිරි රෝහලේ රසායනාගාරයේ භාවිත කෙරෙන්නේ. එම යන්ත්‍රවල උසස් ගුණාත්මක තත්වය පවත්වා ගන්නා අතර, මේ විශේෂ වූ තාක්‍ෂණ මෙහෙයවීම සඳහා ඒ වගේම අපට විශේෂ වූ තාක්‍ෂණික කාර්ය මණ්ඩලයකින්ද සමන්විත වීම විශේෂත්වයක්. මෙම අංශය හා සම්බන්ධ සියලුම පිරිස් වෛද්‍ය රසායනාගාර ක්‍ෂේත්‍රයේ අත්දැකීම් ඇති දක්‍ෂ පිරිසක් වීම හේතුවෙන් යම් පරික්ෂණක් සඳහා රුධිර සාම්පල් ලබා ගැනීමේදී ඒ ඒ පරීක්‍ෂණයන්ට අනුව අනුගමනය කළ යුතු සියළු ක්‍රමවේදයන් සහ එහිදී භාවිත කළ යුතු තාක්‍ෂණයන් පිළිබඳ මනා අවබෝධයක් තිබීම අපගේ සේවාවේ උසස් බව රැක ගැනීමට විශාල ලෙස හේතු වී තිබෙනවා. මීට අමතරව අප මුලින් සඳහන් කළ ආකාරයේ වැරදි අවම කර ගැනීම සඳහා කාර්ය මණ්ඩලය, තාක්ෂණ නිලධාරීන් සහ වෛද්‍යවරුන් අතර මනා සබඳතාවයක්ද ගොඩනගා ඇත. ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO), Clinical and Laboratory Standards Institute (USA), AACC (American Association for Clinical Chemistry) ආදී ලෝකයම පිළිගත් නිරනායකයන් අනුව අපේ පරික්‍ෂණයන් සිදුකරනු ලබනවා. එමෙන්ම ISO 15189 : 2012, ISO 9001: 2008, ISO 14001:2004, JCI තත්ව සහතික ලබා ඇති අතර, උසස් තත්වයක් පවත්වා ගැනීම සඳහා වූ ජයග්‍රහණ රැසක්ද ලබා ඇත.

 වෛද්‍ය පුෂ්පා වීරසිංහ
ආසිරි රසායනාගාර වෛද්‍ය නිලධාරි